Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2019 22:15:19 Hours

අඩු ආදායම්ලාභී පවුල් සඳහා 653 වන බලසේනාවේ භටපිරිස් ‘තිබ්බටු’ වගාව හඳුන්වා දෙයි

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනාව සිවිල් ආරක්ෂක හමුදා සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව තුනුක්කායි ප්‍රදේශයේ දුප්පත් පවුල් සඳහා තිබ්බටු පැළ 3000ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (23) දින තෙරකන්ඩාල් ප්‍රජා ශාලාවේදි පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ සංකල්පයකට අනුව 653 වන බලසේනාවේ බලසේනාධිපති සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තිබ්බටු වගාව මෙම කලාපයේ දේශගුණික තත්වයට හොඳින් ගැලපෙන බැවින් මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර මෙහිදි තෙරකන්ඩාල් කෘෂිකර්ම නිලධාරී විසින් වගා බිම් සැකසීම හා කාබනික පොහොර යොදා ගනිමින් වතු වගා කිරීම පිළිබඳව එහි සිටි පවුල් දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, තෙරකන්ඩාල් විද්‍යාලයේ විදුහල්පති, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ගම්වාසීන් පිරිසක් එක් වූහ. Asics footwear | Air Jordan Release Dates 2020