Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2019 09:24:25 Hours

යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සෙනරත් නිව්න්හැල්ල රාජකාරී අරඹයි.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 34 වන නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සෙනරත් නිව්න්හැල්ල සදුදා (25) දින පැවති කෙටි උත්සවයකදි රාජකාරී ආරම්භ කරන ලදි.

පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර. අනතුරුව පැමිණි නව සේනාවිධායකතුමන් යුද්ධ හමුදා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාර්යාලය වෙත කැටුව යන ලදි. එහිදි මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා රාජකාරි ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් ද රෝපණය කළහ.

යුද්ධ හමුදා පුහුණු පාසලේ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතූ නව සේනාවිධායකතුමන් වඩාත් කාර්යක්ෂම ලෙස පුහුණු පාසල තුළ රාජකාරි කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලෙසට එහිදි අවධාරණය කරන ලදි. Sports Shoes | GOLF NIKE SHOES