Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 11:15:32 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සර දිනයට සමගාමීව බෝධි පූජාමය පිංකමක් සහ ශ්‍රමදානමය වැඩසටහනක් මෙන්ම යුද්ධ හමුදා උත්සව ඇතුලත් විනෝදාත්මක අංගයන් රැසක් පවත්වනු ලැබීය.

දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රය හා තදාසන්න ප්‍රදේශය පිරිසිදු කරමින් ආරම්භ කරනු ලැබු ශ්‍රමදාන වැඩසටහන පුළුල් කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් එම ප්‍රදේශයේ පිහිටා තිබු පල්ලියද ආවරණය වන පරිදි සිදු කරන ලදි.

මෙම සංවත්සර දිනය යෙදි තිබු බ්‍රහස්පතින්දා (21) දින මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා කඳවුරු පරිශ්‍රය වෙත පැමිනිමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එම මූලස්ථානයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් පිරිනමන ලදි.

ඉන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ ආඥාපතිතුමන් එම අවස්ථාවට එක්වූ යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහද පිළිසඳරකද නිරතවිය.

සංවත්සර වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් සන්ධ්‍යාවේ සංගීත සංදර්ශනයක් පවත්වමින් සියළු නිලයන් හට විනෝදාස්වාද ලබාදුන්හ. latest Running | Nike Shoes