Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 19:34:56 Hours

දකුණු කොළඹ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්

යුද්ධ හමුදා වෙරළ ක්‍රීඩා කමිටු සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි.විද්‍යානන්ද ගේ යෝජනාවකට අනුව වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා කිලෝ මීටර් 06 ක කිංරෝස් මුහුදු පිහිනුම් ශූරතාවලිය සඳහා සහභාගිවූ බොහෝ පිරිසකගේ සහාභාගිත්වයෙන් හා යුද්ධ හමුදා සාමාජිකයන් 250 කට අධික පිරිසකගේ සහභාගිත්වය ඇතිව වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ඉරිදා (24) දින පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ නියෝජිතයින් පිරිසක් සමගින් මේජර් ජෙනරාල් එච්.ජී.අයි.විද්‍යානන්ද සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

පිහිනුම් තරඟාවලිය අවසන් වූ වහාම පරිසර සංරක්ෂණය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීම පිළිබඳ සිවිල් වැසියන්, විදේශිකයින් සහ පරිසර හිතකාමීන්ගේ ඇගයීමට ලක්විය. latest Running Sneakers | jordan Release Dates