Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 11:00:32 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය අභිමානවත් ලෙස සමරයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සිකුරාදා (22) දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් ලෙස සමරන ලදී.

රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනැමීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කළහ. රෙජිමේන්තු අධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, රෙජිමේන්තු අධිපතිතුමන් භට පිරිස් ඇමතු අතර විවිධ ක්‍රීඩා තරඟාවලියන්හිදී දක්‍ෂතා දැක්වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් වෙත මුදල් ත්‍යාග ද පිරිනැමීය.

තවද, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින බදාදා (20) දින මහා සංඝරත්නයේ 29 නමක් උදෙසා දානය පිළිගැන්විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් එක්ව සිටියහ. buy footwear | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092