Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 14:44:16 Hours

ජේතවනාරාම පූජා භූමීයේදී රණවිරු අනුස්මරණ පිංකමක්

සාලියපුර ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ නෙත් ගුවන් විදුලි නාලිකාව සහ කොළඹ රූපවාහිනි නාලිකාව එක්ව රණවිරු සැමරුම් වසරට සමගාමීව යුද්ධ හමුදාවේ ප්‍රධාන රණවිරු අනුස්මරණ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (23) දින අනුරාධපුර ජේතවනාරාම පූජා භූමීයේදි පැවැත්විණි.

මෙම උතුම් පිංකමේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ශිල්වා ගේ මඟපෙන්වීම යටතේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ උදෙසා කංචුක පූජාවක්, අෂ්ඨපාන පූජාවක් හා චතුමදුර ගිලන්පස පූජාවක් දිවයිනේ ප්‍රමුඛ ධර්ම දේශකයෙකු වන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ.

වර්ණවත් පෙරහැරකින් ආරම්භ කළ මෙම උතුම් පිංකමේදි යුධ, නාවික, ගුවන්, සිවිල් ආරක්‍ෂක බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්, ආබාධිත රණවිරුවන් හා විශ්‍රාමික රණවිරුවන් හට ආශිර්වාද එක්කරමින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හට පිං අණුමෝදන් කළහ.

මෙම උතුම් පිංකමේ අනුශාසනාව සිදුකරමින් ජේතවනාරාමයේ විහාරාධිකාරී පූජ්‍ය ඉහල හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් විසින් පැමිණි පිරිස පංච සීලයේ පිහිටුවන ලදි. එහිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කෙටි හැදින්වීමක් සිදු කරමින් රණවිරුවන් සාමය උදෙසා කළ කැපවීම පිළිබඳව මතකය අවදිකිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම උතුම් පිංකම සිදුකිරිම සඳහා දැක්වූ සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කර සිටියහ.

අනතුරුව මෙම පිංකමේ ආගමික වතාවත් පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප නා හිමිපාණන් වහන්සේ, පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ගනේකන්දේ චන්ද්‍රරතන හිමියන් සහ පූජ්‍ය මැදිරිගිරිය පුණ්‍යෂාර හිමියන් විසින් සිදු කරන ලදි.

මෙම උතුම් අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සමාජිකයින් ගේ පවුල්වල සාමාජිකයින් 20,000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 3000 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.

ගජබා රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ, අණදෙන නිලධාරීන්, ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ‘නෙත්’ ගුවන් විදුලි නාලිකාවේ සභාපති හා කාර්යමණ්ඩලය, කොළඹ රූපවාහිනි නාලිකාවේ සභාපති හා කාර්යමාණ්ඩලය සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් බැතිමතුන් සමඟින් මෙම උතුම් පිංකම සඳහා එක්විය. bridge media | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD