Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 11:53:34 Hours

පිහිනුම් තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇතුළු නාවික, ගුවන්, පොලිස්, සිවිල් ක්‍රීඩා සමාජ සහ පාසල් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් 61 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලිය පසුගිය ඉරිදා (24) දින උදෑසන වැල්වත්ත Kinross ක්‍රීඩා සමාජය අසලින් ආරම්භ වූ අතර තරඟාවලියේ ශූරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් විසින් හිමිකරගත්හ.

වැල්ලවත්ත Kinross ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන 54 වන සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 20 ක් සහ පිහිනුම් ක්‍රීඩීකාවන් 8 දෙනෙකු සහභාගී වූ අතර තරඟාවලිය වැල්වත්තේ සිට ගල්කිස්ස දක්වා පැවැත්වීණි. මෙම තරඟාවලියේ ශූරතාවයන් යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් විසින් හිමිකරගත්හ.

මීට දින කිහිපයකට පෙර යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එච්. ජී. අයී. විද්‍යානන්ද ගේ ප්‍රධානත්වයෙන් බලපිටිය වෙරළ තීරයේ පැවති සැතපුම් 2 ක විවෘත පිහිනුම් තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩීකාවන් විසින් හිමිකරගැනිමට සමත්විය.

සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලිය පසුගිය ඉරිදා (24) දින උදෑසන 7.30 ට වැල්ලවත්ත මුහුදු තීරයෙන් ආරම්භ වූ අතර, විශාල ප්‍රේක්ෂක පිරිකගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟය පැය 4 ½ ක කාලයක් තුල අවසන් විය.

තරඟාවලියේ සමස්ථ ශූරතාවලිය හිමකරගත් යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණ පහතින් දැක්වේ.

සමස්ථ තරඟාවලියේ දෙවන ස්ථානය - 3 වන ශ්‍රී ලංකා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. විමල් කුමාර

සමස්ථ තරඟාවලියේ තෙවන ස්ථානය - 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්මික සෙබල ඩබ්ලිව්. එම්.බී.එල්. අබේරත්න

සමස්ථ තරඟාවලියේ කාන්තා අංශයේ තෙවන ස්ථානය - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් පී.කේ ජයතිලක Running sneakers | nike