Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2019 17:17:43 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා’ විශේෂ ආගමික වැඩසටහනක් පනාගොඩ දී

යුද්ධ හමුදා මූලස්ථානයේ සහ බස්නාහිර පළාතේ සියලුම කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (22) දින උදෑසන පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම යුද්ධ හමුදා විහාරස්ථාන පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් ‘ත්‍රිපිටකාභිවන්දනා’ ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ‘ත්‍රිපිටකයේ’ වැදගත්කම ප්‍රකාශයට පත් කිරීමේ මෙම වැඩසටහන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලදී.

“තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙයින් සියවස් විසිහයකට පෙර භාරතයේ දී දේශනා කර වදාළ, ධර්ම සංගායනා හයකින් පිරිසිදුව රැකගනු ලැබූ, ගරුතර සඟරුවන විසින් දිවි හිමියෙන් රැකගෙන අප වෙත දායාද කළ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් සේ රැකගැනීමේ සද්ව්‍යාපාරය සඳහා අපගේ ආශිර්වාදය, සහයෝගය සහ කැපවීම ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු” යන විශේෂ ප්‍රතිඥාව මෙහිදී ප්‍රකාශයට පත් කළහ.

මෙම ආගමික වැඩසටහනේ දී පන්නිපිටිය බ්‍රහාක්මණගම කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බම්බරන්දේ වජිරානන්ද ස්වාමින් වහන්සේ විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ‘ත්‍රිපිටකයේ’ වැදගත්කම අවධාරණය කරමින් හරවත් ධර්ම දේශනාවක් සිදුකළහ. ඉන් අනතුරුව, මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මහාචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් ‘ත්‍රිපිටකයේ’ සවිස්තරාත්මක ඵෙතිහාසික ඉදිරිදර්ශනය පිළිබඳ හරවත් දේශනයක් සිදුකරන ලදි.

පනාගොඩ දී පැවැති ‘ත්‍රිපිටකාභිවන්දනා’ වි‍ශේෂ ආගමික වැඩසටහන සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් සහභාගි වූහ. Nike Sneakers Store | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival