Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2019 15:17:10 Hours

ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට

යුද්ධ හමුදා සුළු අවි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සඳුදා (18) දින දියතලාවේ දී පවත්වන ලදී.  

යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල විසින් සංවිධානය කරන ලද මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 33 ක් නියෝජනය කරමින් වෙඩික්කරුවන් 302 ක් සහභාගි වූ අතර තරඟාවලිය දියතලාව මීටර් 1000 වෙඩිපිටියේ දී මාර්තු මස 11 දින සිට 18 දින දක්වා පැවැත්විණි.

තරඟාවලියේ ආධූණික අංශයේ ශූරතාවය ගජබා රෙජමේන්තු වෙඩික්කරුවන් විසින් හිමිකරගත් අතර විවෘත අංශයේ ශූරතාවය ගැමුණු හේවා බලකා වෙඩික්කරුවන් විසින් හිමිකරගත්හ.  

තරඟාවලියේ සේවා රෙජිමේන්තු කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා වෙඩික්කරුවන් විසින් හිමිකරගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් හිමිකරගත්හ.  

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සඳුදා (18) දින පැවැති අතර යුද්ධ හමුදා සුළු අවි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූහ. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

තවද මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති‌මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මෙම තරගාවලිය සඳහා වැදගත්කමක් එක්කරමින්, රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන්, ප්‍රේක්ෂකයින් සියගණනකගේ සහයෝගය ඇතිව තරඟාවලිය සඳහා සහභාගි වූහ.

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2019 හි ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

ආධූණික කණ්ඩායම් ශූරතාවය

1 වන ස්ථානය - ගජබා රෙජිමේන්තුව

2 වන ස්ථානය - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

3 වන ස්ථානය - කමාන්ඩෝ රෙජිමේන්තුව

විවාත කණ්ඩායම් ශූරතාවය

1 වන ස්ථානය - ගැමුණු හේවා බලකාය

2 වන ස්ථානය - ගජබා රෙජිමේන්තුව

3 වන ස්ථානය - කමාන්ඩෝ රෙජිමේන්තුව

ජ්‍යෙෂ්ඨ නිලධාරී අංශය දක්‍ෂතම වෙඩික්කරු

1 වන ස්ථානය - බ්‍රිගේඩියර් ඒන්.ඩි.එස්.පී නිවුන්හැල්ල

2 වන ස්ථානය - බ්‍රිගේඩියර් ජි.එම්.සී.කේ.බී. ඒකනායක

3 වන ස්ථානය - බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි. වැලිකල  

වෙඩිපිටි භාර නිලධාරි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු

1 වන ස්ථානය - කපිතන් ජේ.එච්.එස්. සම්පත් - ගැමුණු හේවා බලකාය

2 වන ස්ථානය - ලුතිනන් ඩි.ජි.කේ.එස්.දෙණියගෙදර - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

3 වන ස්ථානය - ලුතිනන් ඩි.එස්.ඒ. සී. සිල්වා - විජයබාහු පාබල රෙජිමේන්තුව  

සමස්ථ ශූරතාවය ආධුණික (‍ඒක පුද්ගල)

1 වන ස්ථානය - කෝප්‍රල් බී.එම්.පී. වෙදරුව - විශේෂ බලකාය

2 වන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.එම්.ආර්. බණ්ඩාර - ගජබා රෙජිමේන්තුව

3 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් කේ.එම්.ආර්.ඒ.කේ. ජයවර්ධන

සමස්ථ ශූරතාවය විවෘත (ඒක පුද්ගල)

1 වන ස්ථානය - සැරයන් ඩි.එම්. ගුණරත්න - ගැමුණු හේවා බලකාය

2 වන ස්ථානය - බළලත් නිලධාරී II එම්.එම්.එන්. කොස්තා - ගජබා රෙජිමේන්තුව

3 වන ස්ථානය - කෝප්‍රල් එම්.ඒ. ලාල් - ගැමුණු හේවා බලකාය Running Sneakers Store | Men’s shoes