Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 18:44:08 Hours

හල්ලල ගම්වැසියන් රණවිරුවන්ට උපහාර දක්වයි

‘රණවිරු උත්තම ප්‍රණාම’ සමරුමට සමගාමීව, දකුණු වැලිගම ප්‍රදේශයේ හලල්ල ගම්වැසියන්, භික්ෂුන් වහන්සේලා, දහම් පාසල් සිසුන් සහ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං පැමිණවීමේ සහ සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආශිර්වාද එක්කිරීමේ ‘ආශිර්වාද සහ අනුස්මරණ පිංකමක්’ පසුගිය ඉරිදා (07) දින හලල්ල ශ්‍රී බෝධිරුක්කාරාම පූරාණ විහාරයේ දී පැවැත්විණි.

මෙම මහඟු පූණ්‍යකර්මයට වැදගත්කමක් එක්කරමින්, ශ්‍රී බෝධිරුක්කාරාම පූරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්මාදුවේ චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේගේ සහ රත්ගම විද්‍යානන්ද පිරිවණේ පිරිවෙනාධිපති සහ විහාරාධිකාරී පූජ්‍ය දෙයියන්දර සුමනජෝති ස්වාමින් වහන්සේගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූහ.

නූතන යුගයේ විරෝධාර රණවිරුවන් දෙදෙනෙකුගේ නොමැකෙන මතකයන් සිහිපත් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හසලක ගාමිණි ගේ සහ විශේෂ බලකායේ කර්නල් ලලිත් ජයසිංහ ගේ ඥාතින් වෙත ද ආරාධනා කළහ.

ප්‍රථමයෙන්ම, මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දහම් පාසල් පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළහ. බෝධිපූජාමය ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු කර්නල් ලලිත් ජයසිංහ විරෝධාර රණවිරුවාගේ බිරිඳ වන කෞෂල්‍යා ජයසිංහ මහත්මිය සහ කෝප්‍රල් ගාමිණි කුලරත්න විරෝධාර රණවිරුවාගේ ආදරණීය මෑණියන් වන මහියංගනය, හසලක ප්‍රදේශයේ පදිංචි වයි.ජේ. ජූලියට් මහත්මීය වෙත ගෞරවණීය සමරුතිළිණ පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාවට සමගාමීව, ප්‍රදේශයේ තවත් යුද්ධ හමුදා රණවිරුවන් අට දෙනෙකු ඇගයූමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානය කළහ.

මෙහිදී, සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ආබාධිතව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ආගමික වතාවත් සිදුකළහ. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව බැතිමතුන්, ගම්වාසීන් සහ දහම් පාසල් සිසුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තවද, මෙම විශේෂ ආගමික වැඩසටහන සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ. bridgemedia | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf