18th March 2019 16:13:16 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ නව පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳුදා (18) දින සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.
යුද්ධ හමුදා මූලස්ථානයේ 37 වන පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සිය ධූරයේ රාජකාරී භාරගත්හ. සිය ධූරයේ රාජකාරී භාරගැනිමට ප්‍රථම එතුමන් මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළහ. එමෙන්ම, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද රාජකාරී කළහ. තවද හෙතෙම යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොඹවා ඇත.
බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සිය කාර්යාලයේ දී ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ. ඉන් අනතුරුව, එතුමන් වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ කාර්යමණ්ඩලය හඳුන්වාදෙන ලදී.
මීට ප්‍රථම යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සිය ධූරයේ රාජකාරී භාරගත්හ. affiliate tracking url | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger