Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2019 08:42:14 Hours

233 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව රුධිරය පරිත්‍යාග ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනාවේ 28 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇලවිටිගල ගේ මඟපෙන්වීම මත බදාදා (27) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කල අතර එහිදි, එම බලසේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 125 කට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කළහ.

බලසේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා පොළොන්නරුව මහා රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහයෝගය ලබාදුන්හ.

මේ අතර, 233 වන බලසේනාවේ 28 වන සංවත්සරය සමගාමීව ආගමික වැඩසටහන්වලට මුල්තැනක් ලබාදෙමින් තවත් ව්‍යාපෘති කිහිපයක් පෙබරවාරි මස 27 දින සිට මාර්තු මස 3 දින දක්වා දියත් කරන ලදී. ඒ අනුව, බලසේනා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (28) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. ඉන් අනතුරුව පැවැති දානමය පිංකම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

තවද, 233 වන බලසේනාවේ සේවයේ යෙදී සිටියදී රට දැය වෙනුවෙන් දිවිපිදු මෙන්ම දැනට සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට ‍ආශීර්වාද එක් කරමින් වාකරේ පුල්ලෙයාර් කෝවිලේ දී හින්දු පූජාවක්, වාකරේ ශාන්ත මිචෙල් දේවස්ථානයේ දී කිතුනු දේවමෙහෙයක් සහ මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී මුස්ලිම් දේවමෙහෙයක් ද පවත්වනු ලැබීය.

සංවත්සරයට සමගාමීව 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටිගල වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර බලසේනාධිපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රයක් සඳහා ද එක්විය. මූලස්ථාන පරිශ්‍රයේ පැවැති සියලුනිල සුහද හමුවෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.Running sport media | THE SNEAKER BULLETIN