Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2019 20:20:20 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කාන්තා සෙබළියන් සමඟ එක්ව ‘ජාත්‍යන්තර කාන්තා දිනය’ සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සිකුරාදා (08) දින උදෑසන පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ නවතමයෙන් ඉදිකල දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකක (ASVU) මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මිය සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජ්‍ය සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මිය පෙර පාසල් ළමුන් දෙදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මියගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව නවතමයෙන් ඉදිකල ගොඩනැගිලි සංකීර්ණය මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කපා විවෘත කිරීමෙන් අනතුරුව නව ගොඩනැගිලි පරිශ්‍රයේ සංකේතාත්මකව කිරි උතුරවනු ලැබීය.

ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර සියලුදෙනා සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ රෙජිමේන්තු නියෝජිතයන් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති රූපලාවන්‍ය ශිල්පය පිළිබඳ ප්‍රසිද්ධ උපදේශකයෙකු වන අමා දිසානායක මහත්මිය විසින් මෙහෙයවන ලද විශේෂ වැඩමුළුවක් හා සංගීත චිකිත්සක සැසියකට ද සහභාගී වූහ.

මෙම වැඩසටහන අවසානයේදී 2009 මැයි මාසයට පෙර පැවැති යූධමය කාලසීමාව තුල ස්වාමිපුර්ෂයන් අහිමි අඩු ආදායම්ලාභි පවුල් දෙකක භාර්යාවන් වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මිය විසින් මහන මැෂින් දෙකක් ප්‍රදානය කළහ.

Dreamron පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව පැවැති මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ට අමතරව යුද්ධ හමුදා කාන්තා සෙබළියන් 100 කට අධික පිරිසක් සහභාගි වූහ. Running Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!