Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2019 13:29:07 Hours

ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් අක්කර 19.72 ක් මහා ශීවරාත්‍රි දිනයේ සිවිල් වැසියන් වෙත මුදාහැරේ

(මාධ්‍ය නිවේදනය)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සඳුදා (04) දිනට යෙදුන මහා ශීවරාත්‍රි දිනයේ දී නිදහස් කරන ලදී.

මෙසේ නිදහස් කරන ලද ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 0.25 ක් රජයට අයත් අතර ඉතිරි ඉඩම් පෞද්ගලික හිමිකරුවන් සතු ඉඩම්ය. මෙලෙස නිදහස් කරන ලද ඉඩම් මුදාහැරීමේ සංකේතාත්මක උත්සවය රාජ්‍ය නිලධාරීන් සහ ඉඩම් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදි, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ නිල ලේඛණ සංකේතාත්මකව යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායහන් මහතා වෙත ප්‍රදානය කල අතර එම අවස්ථාව සඳහා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, යාපනය දිස්ත්‍රික ලේකම් කාර්යාලයේ හා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන් සහ ඉඩම් හිමිකරුවන් සහභාගි වූහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි උතුරු සහ නැගෙනහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසර කිහිප‍යක සිට ආරම්භ වූ අතර එම ප්‍රදේශවල සේවය කරන ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙලෙස ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබයි. latest Running Sneakers | adidas Yeezy Boost 350