Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2019 00:16:54 Hours

64 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා බ්‍රහස්පතින්දා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී ඇරඹූහ.

සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනැමීය. අනතුරුව, සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාංකාධිපතුමන් සිය ධූරයේ රාජකාරී භාරගත්හ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර එම සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ද අමතනු ලැබීය. අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් උත්සව කටයුතු නිමාවට පත්විය. 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා සිය ධූරයේ රාජකාරී භාරගත්හ. Asics shoes | adidas Yeezy Boost 350