Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2019 15:01:09 Hours

‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් හට උපදේශක පුහුණුවක්

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව දීපව්‍යාප්ත පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුව පසුගියදා පැවැත්විණි.

පුහුණුකරුවන් සඳහා වූ මෙම වැඩසටහන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (26) දින බූස්ස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේදී සිවිල් සම්පත් දායකයින් සහ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව ජනාධිපති කාර්ය සාධක බලකායේ මහාචාර්ය දියනාත් සමරසිංහ, වෛද්‍ය සංජීව රත්නවීර සහ එම්.එම්. තිලකරත්න යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූ මෙම පුහුණු උපදේශක වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 32 ක් සහභාගි වූහ. මෙම එක්දින පුහුණු වැඩසටහන 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරණු ලැබීය.

මෙම පුහුණු උපදේශක වැඩසටහන් අවසන්වීමෙන් පසුව, යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත පුහුණුව ලැබූ යුද්ධ හමුදා උපදේශකයන් විසින් බස්නාහිර පළාතේ සියලුම පාසල් වලදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පැවැත්වීමට නියමිතය.latest jordans | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD