Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2019 17:30:41 Hours

‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් පැවැත්වෙන ක්‍රිකට් සටනට සමගාමීව ඇරඹෙන පාගමනට සහභාගීවීමට යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා

‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් සෙනසුරාදා (02) දින පැවැත්වීමට නියමිත ‘ක්‍රිකට් සටනට සමගාමීව ඇරඹෙන පාගමන - 2019’ ට සහභාගිවීමට යුද්ධ හමුදාධිපතිතුමාට ආරාධනා කිරීම සඳහා කොළඹ හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී. පරමේෂ්වරන් මහතා යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණියේය.

තිරසාර සාමය, ආගමික සහ ජනවාර්ගික සහජිවන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘එකටසිටිමු’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව ‘සාමය සහ සංහිඳියාව’ යන තේමාව ඔස්සේ මෙවර ක්‍රිකට් සටනට ප්‍රථම ඇරඹෙන පාගමන කොළඹ හින්දු විද්‍යාලය විසින් සංවිධානය කර ඇත.

කොළඹ හින්දු විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආදී ශිෂ්‍ය සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර 10 වරටත් පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව ඇරඹෙන පාගමන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාව විසින් ලබාදෙනු ඇත.

කොළඹ හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී. පරමේෂ්වරන් මහතා, ආදී ශිෂ්‍ය සංගමයේ නියෝජ්‍ය සභාපති (ක්‍රීඩා) ආචාර්ය ඊ. පත්මරාජ් මහතා සහ ආදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ආචාර්ය පී.වී. ලොගන්දිරන් මහතා බ්‍රහස්පතින්දා (28) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි මෙම වැඩසටහන පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමුවේදී ජාතික අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයක් සහ සැලැස්මකට අනුව ක්‍රිකට් සටනට සමගාමීව විද්‍යාල පරිශ්‍රයෙන් ඇරඹෙන පාගමන සඳහා විවිධ ජනවර්ග වලට අයත් පාසල් සිසුන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සංවිධායකයින් වෙත සිය ස්තූතිය පුද කළේය.

මෙවර ක්‍රිකට් සටනට සමගාමීව පැවැත්වෙන පාගමන සඳහා Integrity Society, Mother Sri Lanka සහ මෙරට හා විදේශයන්හි ක්‍රියාත්මක වන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය එක්ව සහයෝගය ලබාදෙන බව සංවිධායකයෝ පවසති. තවද පාගමන සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු 6000 - 7000 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.Nike Sneakers Store | Sneakers