Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2019 12:40:22 Hours

652 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා (23) දින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් පවත්වන ලදී.

ඒ අනුව, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් අක්කරායන්කුලම් පුල්ලෙයාර් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සහ 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වන්නිවිලන්කුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 53 ක් සහභාගි වූ අතර ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය හිමිවිය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී. Sports News | Nike Shoes