Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2019 13:24:28 Hours

යුද්ධ හමුදාවේ මඟපෙන්විම මත ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකු විසින් මුළුතැන්ගෙයි උපකරණ හා පාවහන් තොගයක් පරිත්‍යාග කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම මත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන ගජබා රෙජිමේන්තුවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මෙන්ම 663 වන බලසේනාවේ සම්බන්ධිකරණය ඇතිව පරන්තන් ද්‍රවිඩ මහා විද්‍යාලයේ දී, ශ්‍රී විග්නේෂ්වරා විද්‍යාලයේ දී, මක්කම්පන් රජයේ ද්‍රවිඩ මිශ්‍ර විද්‍යාලයේ දී සහ ජයපුරම් මහා විද්‍යාලයේ දී පැවැති උත්සවයන්හිදී එම ප්‍රදේශවල පාසල් සිසුන් වෙනුවෙන් පාසල් පාවහන් 600 ක් සහ දුගී පවුල් කිහිපයක් වෙනුවෙන් මුළුතැන්ගෙයි උපකරණ තොගයක් බෙදාදෙන ලදී.

දුෂ්කර ප්‍රදේශවල දුගී ද්‍රවිඩ වැසියන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දරණ ප්‍රයත්නය හා කැපවීම අගය කරමින් එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකු මෙන්ම ‘Foundation for Hope of California’ පදනමේ අධ්‍යක්‍ෂවරයා ද වන අරවින්දන් විජේ මහතා පාසල් සිසුන් හට සහ අදාළ ප්‍රදේශයේ පවුල්වලට ලක්‍ෂ ගණනක් වටිනා පරිත්‍යාගයක් ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ඇත.

පාසල් හතරක පැවති මෙම උත්සව අවස්ථාවන්වලදී මෙම බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අතර, එම අවස්ථාවන් සඳහා ‘Foundation for Hope of California’ පදනම නියෝජනය කරමින් ගාමිණි විජේසිංහ මහතා ඇතුළු 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර, 661, 662 සහ 663 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ගුරුවරුන් හා ප්‍රතිලාභීන් විශාල පිරිසක් එක්වූහ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන්ගේ නිර්දේශ මත ලබා දී ඇත. affiliate tracking url | adidas Yeezy Boost 350