Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2019 13:50:18 Hours

593 වන බලසේනාවට වසර 10 ක් සපිරේ

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් නයාරු ප්රදේශයේ ස්ථානගත 593 වන බලසේනා මූලස්ථානයේ අභිමානවත් 10 වන සංවත්සරය සිකුරාදා (15) දින ආගමික වතාවත් මධ්යයේ හමුදා සම්ප්රදායානුකූලව සමරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව, සඳුදා (11) දින වට්ටප්පලෙයි කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සහ කොකිලායි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී කතෝලික දේව මෙහෙයන් සිදුකරමින් බලසේනා ධජයට සහ සේවයේ නියුතු රණවිරුවන්ට ආශිර්වාද කල අතර රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ද පිං අනුමෝදනා කළහ. තවද, බදාදා (13) දින බලසේනා මූලස්ථාන පරිශ්රයේ සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පිළිගැන්විය.

සංවත්සර දිනයේ දී 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල වෙත හමුදා සම්ප්රදානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් 19 වන ගැමුණු හේවා බළඇණියේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනමන ලදී. අනතුරුව, බලසේනා මූලස්ථාන විහාර පරිශ්රයේ ‘බෝ’ මළුව වටා නවතමයෙන් ඉදිකරන ලද රන් ආලේපිත වැට බලසේනාධිපතිතුමන් විසින් නිරාවරණය කළහ.

ඉන් අනතුරුව, බලසේනාධිපතිතුමන් බලසේනා මූලස්ථාන පරිශ්රයේ නවතමයෙන් ඉදිකරන ලද දේශන ශාලාව සහ තොරතුරු තාක්ෂණාගාරය විවෘත කළහ. සංවත්සර දිනයේ පැවැති සියලු නිල තේපැන් සංග්රයකින් අනතුරුව සෙනසුරාදා (16) දින සන්ධ්යාවේ පැවැති සංගීත ප්රසංගයකින් සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය. Nike air jordan Sneakers | New Releases Nike