Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2019 17:50:50 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යාපනයේ පිහිටි පෙර පාසලකට සහ ප්‍රජා මධ්‍යස්ථාන කිහිපයකට නව ගෘහභාණ්ඩ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්-හමුදා සහයෝගීතා ප්‍රජා සත්කාරක වැඩසටහනයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ පිහිටි කොඩිකාමන් දුරගමාලී පෙර පාසල, කලෙයිවානි ප්‍රජා මධ්‍යස්ථානය, තිරුමල්වාර් ප්‍රජා මධ්‍යස්ථානය සහ ලිගෝරිආ (Ligoria) ධීවර සමිතිය වෙත අත්‍යවශය ගෘහභාණ්ඩ තොගයක් පසුගියදා ප්‍රදානය කළහ.

ඒ අනුව, ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (21) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී දුර්ගමාලී පෙර පාසල වෙත මේස සහ පුටු 50 ක්, ප්ලාස්ටික් පුටු 75 ක්, කලෙයිවානි ප්‍රජා මධ්‍යස්ථානය වෙත මේස තුනක් සහ පුටු, තිරුමල්වාර් ප්‍රජා මධ්‍යස්ථානය වෙත ප්ලාස්ටික් පුටු 25 ක් සහ ලිගෝරිආ (Ligoria) ධීවර සමිතිය වෙත ප්ලාස්ටික් පුටු 50 ක් ප්‍රදානය කරන ලදී.

තවද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැසක් ද සහභාගි වූහ.Nike Sneakers Store | Zapatillas de running Nike - Mujer