Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2019 09:40:14 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය විද්‍යාලයේ සහෘදයන් විසින් උණුසුම් අයුරින් පිළිගනී

පසුගියදා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය උපන් නගරයට සිකුරාදා (22) දින පැමිණි අතර එහිදි මාතලේ නගරයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ ආදී ශීෂ්‍යයින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මාතලේ නගරයට පැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ සිය විද්‍යාලයේ විදුහල්පති විජිත දිසානායක මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, චාරිත්‍රානුකූලව මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකරමින් මාණ්ඩලික ප්‍රධානී තුමන්ට ආශීර්වාද කළහ. එහිදි කෙටි අනුශාසනාවක් සිදුකරමින් මාතෘභූමියේ ජනතාව වෙනුවෙන් මෙන්ම ජාතිය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කල බව සඳහන් කළහ. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට ගෞරව පුදකිරීමේ උපහාර උත්සවයක් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදි විද්‍යාලයේ නව ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීම සඳහා එතුමන්ට ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිය කෘතඥතාව පල කර සිටි අතර රටේ අනාගතය යහපත් කිරීම සඳහා එක් පවුලක සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට ශිෂ්‍ය ප්‍රජාව උනන්දු කරවන මෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දුමින්ද ගමගේ ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සහ විද්‍යාලයේ කාර්යමණ්ඩලය සහභාගි වූහ.latest Nike release | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals