Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd February 2019 19:21:01 Hours

පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් සිල්වාගේ අවසන් කටයුතු සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ හිටපු මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්. සිල්වාගේ අවසන් කටයුතු සෙනසුරාදා (23) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

හමුදා ගෞරව මධ්‍යයේ සිදුකරනු ලැබු මෙම අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, ශ්‍රී ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.එස්.කේ. පෙරේරා, යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා සහ යුද්ධ හමුදා විශ්‍රාමික නිලධාරීන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

හමුදා සම්ප්‍රදායානුකූලව දේහය බොරැල්ල හන්දියේ සිට කාතුගැල (gun carriage) මත තැන්පත් කර යුද්ධ හමුදා සාමාජිකයින් පෙරටුකරගත් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීයෙකු විසින් අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් වෙඩි මුර 21 ක් ගුවනට මුසු කරමින් අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් සිල්වා වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූලව අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සියලුම නිල ලාංඡන ඥාතීන් වෙත භාරදුන්හ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරන ලද අතර, අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන්ගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Authentic Sneakers | AIR MAX PLUS