Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2019 08:17:51 Hours

ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ

ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පරිපාලන) මේජර් ජෙනරාල් ඉදුනිල් රණසිංහ සිකුරාදා ( 8 ) දින මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙහි පැවති අන්තර් පාසල් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

එම පාසලේ විදුහල්පතිනිය වන, ගරු සඳමාලි මව්තුමිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනිමෙන් අනතුරුව ක්‍රීඩා පරිශ්‍රය වෙත කැටුව යන ලදි. එම ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

ගරු චාර්ල්ස් හේවාවසම් පියතුමන්, ගරු නිහාල් නානායක්කාර පියතුමන්, මාතර නගරාධිපති රන්ජිත් යසරත්න ඇතුළු මව්වරුන්, කන්‍යා සොහොයුරියන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම පාසල් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූහ. latest Nike Sneakers | Nike Shoes