Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2019 17:35:03 Hours

පවුල් 150 ක ජිවනෝපාය සහ සිසුන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරි දීමනා

රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදිකරුවන්ගේ සමාජයේ (Royal Enfield Riders’ Club) අනුග්‍රය මත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාව විසින් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය අවට පිහිටි තික්කන්, පුදූර්, අම්මන්දනවේලි, කන්දලාඩි සහ ඕමදියාමඩු යන ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල් 150 ක් හා ආර්ථික අපහසුතා සහිත සිසුන් 100 දෙනෙකු සඳහා පරිත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින කදිරවේලි විග්නේෂ්වර විද්‍යාලයේදී පවත්වන ලදි.

මෙහිදි එකක් රුපියල් 2500 ක පමණ වටිනාකමකින් යුත් වියළි සළාක මල්ලක් බැගින් පවුල් 150 සඳහා ලබාදුන් අතර සිසුන් 100 දෙනෙකුහට පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය බෙදාදෙන ලදි.

දුෂ්කර ජීවිතයක් ගතකරන අඩු ආදායම්ලාභි කාන්තාවන් ගේ ජීවන තත්ත්වය නංවාලීම උදෙසා සහ විවිධ ආර්ථික ගැටළු හමුවේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් දිරිගැන්වීම සහ ඒ සඳහා අවැසි මංපෙත් සැකසීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 23 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.කේ.බී උදළුපොල, 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර් ඇල්විටිගල, ‘Royal Enfield Riders’ සමාජයේ සභාපති මෙන්ම පරිත්‍යාගශීලීන් හා ගම්වැසියන් පිරිසක් ද එක්ව සිටියහ. Running sport media | NIKE RUNNING SALE