Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2019 18:20:13 Hours

යාපනයේ පාසල් සිසුන් වෙත නොමිලේ පාපැදි බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් කන්කසන්තුරේ නඩේෂ්වරා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පාපැදි 12 ක් බෙදාදීමේ උත්සවයක් නඩේෂ්වරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (කැනඩා ශාඛා) අනුග්‍රහකත්වයෙන් සිකුරාදා (15) දින කෙටි උත්සවයකින් බෙදාදෙන ලදි.

විදුහල්පති ජි විමලන් මහතා ගේ සහය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් පරිදි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල වෙත ගමන් කිරිමට මෙම ප්‍රදේශයේ පොදු ප්‍රවාහන පහසුකම් අඩු වීම හේතුවෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් දිරිගැන්වීම සදහා ඔවුන් විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇත.

සම්ප්‍රදානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කෙටි උත්සවයකදී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිස සමඟ එක්ව සිසුන් වෙත පාපැදි ප්‍රධානය කරන ලදි. Sportswear Design | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov