Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2019 18:40:24 Hours

මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් ඇඹව යුධ විරයා හට යුද්ධ හමුදා ගෞරව

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේදී 1994 වර්ෂයේ තම දෙපා හා දෑත් අහිමි කරගත් වත්මන් යුධ ඉතිහාසයේ විරයෙකු වූ ශ්‍රි ලංකා පාබල හමුදාවේ මියගිය බ්‍රිගේඩියර් සරත් ඇඹව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු අතිවිශාල සංඛ්‍යාවක් යුද්ධ හමුදා නිළධාරීන්, භටපිරිස් සහ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව බදාදා (20) දින කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිනි.

වර්ෂ 1962 පෙබරවාරි මස 14 වන දින කුරුණෑගල ප්‍රදේශයේ ගෞරවනීය පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලැබු කුලියාපිටිය ගම්ලත්ගේ හේම සරත් කුමාර ඇඹව වීරෝධාර රණවිරුවා රාගම මහ රෝහලේදි සඳුදා (18) දින හදිසි අසනීපයකට ප්‍රථිකාර ලබමින් සිටියදි දැයෙන් සමුගත්තේය.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු වර්ෂ 1984 නොවැම්බර් මස 16 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 19 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැදුනු අතර, අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුලත් වී පසුව 1992 වර්ෂයේදි විශේෂ බළකා රෙජිමේන්තුවට සම්බන්ඳවිය.

එම ධෛර්ය සම්පන්න අභීත නිළධාරීයා නැගෙනහිර පළාතේ අංගොඩවිල්ලු ප්‍රදේශයන්හී දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුමේදි ඔහුගේ කොදු ඇට පෙළට බරපතළ ලෙස තුවාල සිදුවීම හේතුවෙන් තම දිවියේ ඉතිරි කාලය රෝද පුටුවකට සීමාවි ගතකළේය.

ජාතික ධජයෙන් ආවරණය කරන ලද මෙම රණවිරුවාගේ දේහය සහෝදර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් කාලතුවක්කු ගලැමත තැන්පත් කිරිමෙන් අනතුරුව භටපිරිස් සහිත අවමංගල්‍ය පෙරහැරකින් අවසන් කටයුතු සිදුකරන ස්ථානය වෙත රැගෙන යන ලදි. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ පළමුවන කොටසේ නියෝගය කියවන ලදි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ‍මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විශාල පිරිසක් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කළහ. විශේෂ පළමුවන කොටසේ නියෝග කියවීමෙන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් විශ්‍රාමික බ්‍රිගේඩියර් සරත් ඇඹව ගේ සේවා කාලය තුළ ඔහු විසින් හිමිකරගන්නා ලද ප්‍රසාදන හා පදක්කම් ඔහුගේ පවුලේ ඥාතීන් හට හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වන ලදි.

අවමංගල්‍ය උත්සවයේදී කියවන ලද පළමුවන කොටසේ නියෝගය පහතින් දක්වා ඇත. url clone | Mens Flynit Trainers