Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2019 16:25:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමාට දේශනයක් පැවැත්වීම සඳහා තම විද්‍යාලයෙන් ගෞරවණීය ආරාධනයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අධ්‍යාපනය ලැබු කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලීමකට අනුව, එම විද්‍යාලයේ ශිෂ්‍යනායකයින්ගේ නායකත්වය සහ ඉලක්කයන් සාර්ථක කරගත හැකි ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි දේශනයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිකුරාදා (15) දින උදෑසන එම විද්‍යාලයේ දී පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සපැමිණි ආනන්දීය ආදී ශිෂ්‍යයකු වන ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විදුහල්පතිතුමා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත්වලට සහභාගීවීම සඳහා එතුමන්ව කැටුව යන ලදි.

මහා සංඝරත්නය විසින් පංචශීලය පිහිටුවා පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ආශිර්වාද ලබාගත්හ. ඉන් අනතුරුව, විද්‍යාලයේ ශිෂ්‍යභටයින් සහ බාලදක්‍ෂයින් එක්ව පි.ඩි.එස්. කුලරත්න ශාලාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙහිදී, විදුහල්පතිතුමා විසින් කෙටි හැදින්වීමේ දේශනයක් සිදුකල අතර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුවෙකු විසින් පිළිගැනීමේ දේශනය සිදු කළහ. අනතුරුව, ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමා වෙත ආරාධනා කරන ලදි.

ආරාධිත දේශකයා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විද්‍යාලයේ ඵෙතිහාසික තත්ත්වය සිහිපත් කළ අතර නායකත්ව ගුණාංග සහ උද්යෝගීමත්ව කටයුතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් දේශනය සිදු කරන ලදි.

දේශනය පැවැත්වීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායකයා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තූතිය පුද කරමින් උත්සවයේ සමාප්තිය සනිටුහන් කළහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමාගේ දායකත්වය ඇගයුමට ලක් කරමින් විද්‍යාල පරිශ්‍රයෙන් නික්මයාමට පෙර, 1982 වර්ෂයේ ආනන්දීය ආදී ශීෂ්‍ය කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා, 59 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් එන්.එම්. හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ආදී ආනන්දීයන් විශාල පිරිසක් සහභාගි වූහ.bridgemedia | Hats to Match Jordans Hyper Royal Bulls Hat