Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2019 17:59:00 Hours

52 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනයේ සිසුන් හට තවත් පරිත්‍යාග වැඩසටහනක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන මානුෂීය සුභසාධන ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස 52 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද චාවකච්චේරි රෝමානු කතෝලික මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක්, පසුගිය බදාදා (06) දින අමිල බණ්ඩාර මහතා ප්‍රමුඛ ජපන් ජාතික හිතවතුන් පිරිසකගේ අනුග්‍රහයෙන් පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත දියත් කරනු ලැබු මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 522 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගිවූ අතර 52 වන සේනාංකයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙත මෙලෙස පාසල් බෑග්, අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි, පෑන්, පැන්සල්, චිත්‍ර පොත් ඇතුළු ත්‍යාග අඩංගු පාර්සල් තොගයක් බෙදාදෙන ලදී. පරිත්‍යාග වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ආරාධිත අමුත්තන් සහ පරිත්‍යාගශීලීන් උණුසුම් අයුරින් පිළිගෙන පාසල් ගොඩනැගිල්ල වෙත කැටුව යන ලද අතර වැඩසටහන අතරතුරදී ජපන් ජාතික පරිත්‍යාගශීලීන් පරිත්‍යාගලාභි සිසුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන වෙනුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් සහ සිසුන් සිය ස්තූතිය පුද කළහ.Sport media | Air Jordan Sneakers