Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2019 11:24:36 Hours

නෝර්වේ තානාපතිතුමන් යාපනයේ කළ සංචාරයක් අතරතුර යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අනුග්‍රාහය ඇතිව නෝර්වේ තානාපති අතිගරු එච්.ඊ. තෝර්බොර්න් ගෝස්ටාස්ටේචර් (H.E Thorbjorn Gaustadsaether) හා තානාපති කාර්යාලයේ (දේශපාලන) උපදේශක තුමිය ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූහ.

අනතුරුව යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ යහපත උදෙසා යාපනයේ ආරක්ෂක හමුදාවන් විසින් සිදුකරන පුනරුත්ථාපන වැඩසටහන්, නැවත පදිංචි කිරීම සහ බහුජාතික සමාජ සුබසාධන ව්‍යාපෘතින් පිළිබඳව තානාපතිවරයා දැනුවත් කරනු ලැබීය. මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් හෙට්ටිආරච්චි විසින් නෝර්වේ තානාපතිතුමන් වෙත සුහදත්වය සංකේතවත් කරමින් සමරුතිළිණයක් ද පිළිගන්වනු ලැබීය. තානාපතිතුමන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යෑමට පෙර සමරු සටහන් පොතේහිද සටහනක් තැබීය. Nike air jordan Sneakers | Patike