Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd February 2019 23:15:40 Hours

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් 3 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනිනිවන භටයින්ගේ සහ පොලිස් සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව සිකුරාදා (01) දින මහනුවර නගරයේ වෙළඳ සංකීර්ණයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සමත්විය.

යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සහ ගිනිනිවන භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් ගින්න ව්‍යාප්තවීම වලක්වාගැනීමට හැකිවිය. Authentic Sneakers | Mens Flynit Trainers