Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2019 22:06:58 Hours

වවුනියාව ප්‍රදේශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහකයා වෙත වන්නි භට පිරිස් නව නිවසක් ඉදිකරයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් වවුනියාව දිස්ත්‍රිකයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුවිය වෙත කඩිනමින් නව නිවසක් ඉදිකරදීමට පියවරගෙන ඇත.

පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ඉහළම ලකුණු ලබාගත් නෙළුම්කුලම් කලායි මාගල් විද්‍යාලයේ ඉගෙනුම ලබන ගනේෂ්පුරම් ප්‍රදේශයේ පදිංචි ආර්. නිවාර්සනා සිසුවිය ඇයගේ දෙමාපියන් සමඟ අබලන්වූ නිවසක ජිවත්වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ඉල්ලිමකට අනුව ධානපති චන්දන අලහකොන් මහතාගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින පැවති උත්සවයකදි නව නිවස ඉදිකිරීම සඳහා සුභ මොහොතින් මුල්ගල තබන ලදි.

එමෙන්ම, එම අවස්ථාවේ දී 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න ගේ සම්බන්ධීකරණයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් සිසුවියට සහ දෙවන ස්ථානය හිමිකරගත් ශිවපුරම් විද්‍යාලයේ හරිතික් හංසුජා සිසුවා හට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙනයාම සඳහා ශිෂ්‍යයත්ව පිරිනැමු අතර එම අවස්ථාව සඳහා අනුග්‍රහකත්වය දැක්වූ දකුණු පළාතේ පදිංචිකරුවන් වන ඉංජිනේරු අශෝක වීරසිංහ සහ වෛද්‍ය නන්දනි වීරසිංහ මහත්මිය හට 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ස්තුතිය පුද කරන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ගේ උපදෙස් මත එම ආර‍ක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මාස කිහිපයක් ඇතුළත නිවස ඉදිකර අවසන් කිරීමට නියමිතය. best shoes | 『アディダス』に分類された記事一覧