Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2019 21:50:57 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති පාසල් ක්‍රීඩා උළෙලේ දී සම්මාන පිරිනමයි

හෝමාගම ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) දින පැවැත්විණි.

මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එම විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම සහ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ක්‍රීඩා උළෙල අවසානයේ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ජයග්‍රහකයින් වෙත සුභපැතුම් එක්කරමින් කුසලාන සහ සහතිකපත් පිරීනැමීය. url clone | Air Jordan