Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2019 21:57:01 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැඟිලි සංකීර්ණයක්

බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද රූපවාහිනී කාමරයක්, ආපනශාලාවක් සහ සමාජ ශාලාවකින් සමන්විත සුඛෝපභෝගී ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදා නියෝජය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (31) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදි.

දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිලි සංකීර්ණය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගේ ශ්‍රමදායකත්වයෙන් සහ එම රෙජිමේන්තුවේ අරමුදලින් කඩිනමින් ඉදිකර අවසන් කරන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව නිලධාරී නිවස්නයක් හා සුභසාධක වෙළද සංකීර්ණයක් ඉදිකිරීම සඳහා සුබ මොහොතින් මුල්ගල තැබීය.

මහා සංඝරත්නය සිදුකල පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද මධ්‍යයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් හා යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ. Best Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ