Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2019 10:23:51 Hours

661 බලසේනාවේ භට පිරිස් සහයෙන් දේවස්ථානයේ වහල ප්‍රතිසංස්කරණය කෙරේ

පුනරීන් ප්‍රදේශයේ පිහිටි පලාලී දේවස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ඉරිදා (27) දින 661 වන බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදි.

මෙම දේවස්ථානයේ වහල අබලන්ව ඇති බවට කල දැනුම්දීමට ප්‍රතිචාර ලෙස, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වයෙන් යොදාගනීමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදි.

මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 661 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුකරන ලදි. Buy Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp