Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2019 18:43:24 Hours

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහ එක්සත් ජනපදයේ නියෝජිතයින් පිරිසක් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ

මහා බ්‍රිතාන්‍යය එක්සත් රාජධානීයේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ එක්සත් ජනපද ඉන්දු - පැසිපික් ශාන්තිකර මූලස්ථානයේ නියෝජිත පිරිසක් දිවයිනේ සිදු කල සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (24) දින යාපනය, පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම සංචාරය සඳහා දකුණු ආසියානු පර්ශදයේ හා ඉන්දිය සම්බන්ධීකාරක ප්‍රධානී ෆර්ගුස් අවුල්ඩ් මහතා (Mr Fergus Auld) මෙන්ම පළමු ලේකම්වරයා වන පාවුල් ග්රීන් මහතා (Mr Paul Green) සහ මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෝවිතා අරුලනන්තම් මහත්මිය (Ms Jovitha Arulanantham) එක්ව සිටියහ.

මෙහිදි, යාපනය අර්ධද්වීපයේ සිදුකරමින් පවතින සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළහ.

එමෙන්ම, එක්සත් ජනපද ඉන්දු - පැසිපික් ශාන්තිකර මූලස්ථානයේ නියෝජිත පිරිස බ්‍රහස්පතින්දා (24) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

එක්සත් ජනපද හමුදා ශාන්තිකර මූලස්ථානයේ කපිතාන් ආර්මන්ඩෝ පේරල්ටා (Captain Armando Peralta), කපිතාන් ටෙරී ජොන්සන් (Captain Terry Johnson), ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සැරයන් ඇලෙක්සිස් ඕ’ෆෙරල් (Senior Staff Sergeant Alexis O’Farrell) සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සැරයන් ජෝර්ජ් රිචඩ්ස් (Senior Staff Sergeant George Richards) යන නියෝජතයින් මෙම පිරිසට ඇතුලත් විය. මෙම සුහද හමුවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු මෙන්ම ඒකාබද්ධ පුහුණු සැසි පැවැත්වීමේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ.

මෙම සුහද හමුවන් අවසානයේ සුහදත්වය වර්ධනය කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරු ද සිදුවිය. Buy Kicks | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp