Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2019 11:01:32 Hours

‘සමාජ මාධ්‍යජාලා සහ එහි බලපෑම්’ පිළිබඳ නැගෙනහිර භට පිරිස් දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ සියලුම ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 40 ක් සහ සෙසුනිලයින් 150 කට අධික පිරිසක් ‘මාධ්‍යයේ වැදගත්කම, සංවිධානය හා සමාජය මත එහි බලපෑම’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී බදාදා (23) දින පැවැත්විණි.  

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් මෙම දේශනය මෙහෙයවූ අතර ‘ජනමාධ්‍යය භාවිතයෙහි ධනාත්මක සහ සෘණාත්මක බලපෑම්’, ‘එහි පරිණාමය’, ‘සමාජ මාධ්‍යජාලා’, ‘මාධ්‍ය කළමණාකරනය’, ‘ වර්තමාන මාධ්‍ය ප්‍රවණතා’, ‘අභියෝගයන්’, ‘ජන සන්නිවේදනයේ මූලික සංකල්ප’, ‘ජනමාධය හැසිරීම’, ‘ප්‍රචාරක ක්‍රම’, ‘සාමාන්‍ය නීති සහ ආචාර ධර්ම’, ‘ජනමාධ්‍යයේ සංවර්ධනය’ යන තේමාවන් ආවරණය වන පරිදි දේශනය පැවැත්විණි.  

මෙම දේශන අතරතුර ප්‍රශ්න හා පිළිතුරු සැසියක් ද පැවැත්විණි. මෙම දේශනය අවසානයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.එල්. මාහින්කන්ද විසින් වැඩමුළුව පැවැත්වූ දේශකතුමන් ඇගයුමට ලක්කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. මෙහිදි නැගෙහනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් චමින්ද විජේරත්න විසින් හඳුන්වාදීමේ සහ සමාප්ති දේශනය සිදු කළහ. affiliate tracking url | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ