Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2019 12:23:09 Hours

යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් සඳහා නව රගර් ක්‍රීඩාංගණයක් ඉදිකෙරේ

මෑත ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ දෂ්කම් ප්‍රදර්ශණය කරමින් දිවයිනේ වඩාත් ප්‍රබල රගර් කණ්ඩායම් පරාජයට පත් කරමින් තරඟ ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් හට පුහුණු කටයුතු පැවැත්වීම සඳහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී නව රගර් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පියවරගෙන ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් මෑතකදී ලද ජයග්‍රහණයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් රගර් ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩිදියුනු කිරිමේ අරමුණින් පුහුණු කටයුතු සඳහා නව රගර් ක්‍රීඩාංගණයක් ඉදිකරදීමට යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, බදාදා (23) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයකදී මේජර් ජෙනරාල සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් නව රගර් ක්‍රීඩාංගණය ඉදිකිරීම කටයුතු සුභ මොහොතින් ආරම්භ කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් යුද්ධ හමුදා ඉංජිනේරුවන් සහ ඉංජිනේරු සේවා බලකා සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුල නව රග්බි ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. Nike shoes | Sneakers