Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2019 15:52:39 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව බළලත් නිලධාරී නිවස්නය විවෘත කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් බදාදා (23) දින පැවැති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී.

දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම ගොඩනැගිලි සංකීර්ණය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා අරමුදලෙන් රුපියල් 21,968,930/= ක මුදලක් වැයකරමින් මෙම ගොඩනැගිලී සංකීර්ණය ඉදිකරනු ලැබීය.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා බළලත් නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ. Sports Shoes | nike air jordan lebron 11 blue eyes black people