Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2019 10:40:33 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් චූලා අබේනායක සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී

කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් චූලා අබේනායක රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ. ප්‍රේමතිලක විසින් උණුසුම් අයුරින් පිලිගැනීමෙන් අනතරුව ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් චූලා අබේනායක රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළහ.

අනතුරුව, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් විසින් ගැමුණු හේවා බලකාය වෙනුවෙන් එතුමන් කරන ලද කැපවීම ඇගයුමට ලක් කරමින් මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත සිය කෘතඥතාවය පුද කළහ. තවද රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත සුභපැතුම් එක්කරමින් සංකේතාත්මකව සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

මේජර් ජෙනරාල් චූලා අබේනායක වර්ෂ 1985 ඔක්තෝම්බර් මස 31 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ අතර කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 22 යටතේ සාර්ථකව පුහුණුව හදාරා වර්ෂ 1986 ජූලි මස 24 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 4 වන ගැමුණු හේවා බලඇණියට අනියුක්තව රාජකාරි කළහ. ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම්භාර නිලධාරී සහ දෙවන අණදෙන නිලධාරී ආදී තනතුරු රැසක් හොබවා ඇති එතුමන් යුද්ධයේ තීරණාත්මක අවදියේ විශීෂ්ඨ සේවාවක් සිදු කරමින් 6 වන සහ 8 වන ගැමුණු හේවා බලඇණියන්ට ද අණදීම සිදුකර ඇත.Nike air jordan Sneakers | Nike Off-White