Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 15:50:00 Hours

තෛපොංගල් උත්සවයට සමගාමීව මූලතිව් හිදී සංගීත ප්‍රසංගයක්

තෛපොංගල් උත්සවයට සමගාමීව මූලතිව් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධිරිද්ම සංගීත කණ්ඩායම සහ නර්තන කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයක් සෙනසුරාදා (19) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැති අතර ඒ සඳහා නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ අනුග්‍රහකත්ව හිමිවිය. තවද රාත්‍රීය පූරා පැවැති මෙම සංගීත ප්‍රසංගය සාර්ථක කරගැනීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදුන්හ.

සන්ධ්‍යාවේ පැවැති මෙම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.

එමෙන්ම, 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 591 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් බදාදා (16) දින මූලතිව් පිහිටි වීරරත්ති හින්දු කෝවිලේ පැවැති විශේෂ පූජාව සඳහා සහභාගිවූ බැතිමතුන් සඳහා කෙටි ආහාරපානවලින් සංග්‍රහ කරන ලදී. මෙම වැඩසටහන දියත් කිරීම සඳහා බලසේනාධිපති ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබාදුන්හ.spy offers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify