Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 09:30:07 Hours

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතාගේ වාර්ෂික පරිත්‍යාග වැඩසටහනක් සඳහා වන්නි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පමය යෝජනාවක් මත ක්‍රියාත්මක කෙරෙන රොෂාන් විජේරාම පදනමේ වාර්ෂික පාසැල් උපකරණ පරිත්‍යාග වැඩසටහන මෙවර ද වෙහෙරතැන්න රොෂාන් මහනාම ප්‍රාථමික විද්‍යාලයේ දී එහි නිර්මාතෘ වන හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහනාම මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (13) දින සිදු කෙරිණි.

මෙම වැඩසටහනේ දී 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන සිසුන් 84 දෙනෙකු වෙත රුපියල් 4500/= බැගින් වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම් ඇතුළු පාසල් උපකරණ කට්ටල තොගයක් බෙදාදෙන ලද අතර රොෂාන් මහනාම පෙර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 33 දෙනෙකු වෙත, අත්‍යවශ්‍ය පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් ද බෙදාදෙන ලදී. එමෙන්ම, මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම සිසුන්ට සහ දෙමාපින්ට සංග්‍රහ කිරීමෙන් අනතුරුව දරුවන්ට දිවා ආහාරය ද ලබාදුන්හ.

මෙම වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ ගේ උපදෙස් මත 623 බලසේනා මූලස්ථානය සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, 623 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.කේ.යු.පි. ගුණරත්න ඇතුළු 62 වන සේනාංකයේ සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Running sport media | Nike Shoes