Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 15:11:14 Hours

නව විධායක ජෙනරාල් සිය ධූරයේ රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 29 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි බදාදා (16) දින පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.

මේජර් ජෙනරාල් වන්නිආරච්චි යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත්වලින් අනතුරුව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරාල් ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී තුමන්ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මේජර් ජෙනරාල් වන්නිආරච්චි නව ධූරයේ රාජකාරී භාරගැනීමට පෙර හම්බන්තොට පිහිටි 12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළහ. මීට ප්‍රථම විධායක ජෙනරාල් ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයට පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් වන්නිආරච්චි මෙලෙස රාජකාරී භාරගත්හ. Sports Shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ