Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 11:20:30 Hours

මොරටුව උපාධි අපේක්‍ෂිත සිසුන්ගේ මූලිකත්වයෙන් යාපනය සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

මොරටුව විශ්ව විද්‍යාලයේ රියෝ සමාජයේ උපාධි අපේක්‍ෂිත සිසුන් පිරීසක් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් පාසැල් සිසුන් තුළ සංහිඳියාව, සුහදත්වය සහ සහෝදරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය උඩුත්තුරෙයි මහා විද්‍යාලයේ සහ අලියාවලෙයි CCTM මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 47 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදීම ඉරිඳා (13) දින සිදුවිය.

ඒ අනුව, 55 වන සේනාංකයේ පූර්ණ සම්බන්ධීකරණය ඇතිව 553 වන බලසේනාධිපතිතුමන්ගේ සහ එම ප්‍රදේශයේ ස්ථාපිත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ සහයෝගීත්වය ඇතිව පාසල් සිසුන් 40 දෙනෙකු සහ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 7 දෙනෙකු සඳහා අලියාවලෙයි CCTM මහා විද්‍යාල පරිශ්‍රයේ දී මෙම පාසල් උපකරණ තොගය බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ක්‍රියාත්මක කල අතර ප්‍රදේශයේ පාසල් සිසුන් දිරීගන්වමින් මෙම පාසල් උපකරණ තොගය රියෝ සමාජයේ සභාපති කසුන් රාමනායක මහතා ඇතුළු පරිත්‍යාගශීලි කණ්ඩායම විසින් බෙදාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ඉහත පාසල්හි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පරිත්‍යාගශීලින් සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. jordan Sneakers | Yeezy Boost 350 Trainers