Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 09:15:26 Hours

ගැමුණු හේවා බලකායේ භට පිරිස් ශ්‍රී පාද පූජා භූමියේ වාර්ෂික රාජකාරීන් සඳහා සහභාගීවෙති

වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී පාද මස්ථක මහමළුවේ පිහිටි සමන් දේවාලය වෙත සමන් දෙවිදුන්ගේ පිළිරුවක් වැඩම කරවා තැන්පත් කිරීම 2018 දෙසැම්බර් මාසයේ යෙදුණු උඳුවප් පොහෝය දිනයේදී ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු 130 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගේ සහභාගීත්ව‍යෙන් සිදුකරන ලදී.

ශ්‍රී පාද විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ ඉල්ලීම මත පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද විහාරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා පෙරහැරකින් මෙම පිළිරුව වැඩම කරවීම ආරම්භ කල පළමු දිනයේ සිටම ගැමුණු හේවා බලකායේ සෙබළුන් විසින් මේ සඳහා අවශ්‍ය සහයෝගය දැක්වූහ.

ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පලාබද්දල පූරාණ විහාරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ඉතා වෙහෙසකර දිගු ගමනකින් අනතුරුව ධාතු කරඩුව සහ සමන් දෙවිදුන්ගේ පිළිරුව වැඩම කරනවනු ලැබුහ. මෙම උතුම් පූණ්‍යකර්මය සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකු පමණ මෙවර සහභාගි වූ අතර සෑම වසරකම මෙම උතුම් ආගමික උත්සවය සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය. Sportswear Design | 『アディダス』に分類された記事一覧