Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 12:02:45 Hours

ඔඩ්ඩුසුඩාන් සිවම් කොවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් ඔඩ්ඩුසුඩාන් සිවම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලදී.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබු මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක් සහභාගි වූහ. තවද මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. Running sport media | Nike