Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 12:01:38 Hours

121 වන බලසේනාවේ 5 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් මොණරාගල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවේ 5 වන සංවත්සරය හමුදා සම්ප්‍රදායානුකුලව තේපැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සමඟින් බදාදා (09) දින බලසේනාධිපතිතුමන් ඇතුළු සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සමරන ලදී.

සංවත්සර දිනයේ දී, 121 වන බලසේනා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.සී. සෝමවීර වෙත පිරීනැමූහ. බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කල අතර බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් ඇමතීමෙන් අනතුරුව පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එක්විය.

සංවත්සර උත්සවය සඳහා 121 වන බලසේනාව යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ. affiliate tracking url | nike air jordan lebron 11 blue eyes black people