Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2019 15:40:10 Hours

68 සේනාංකයේ නව සේනාංකාධිපති රජකාරි අරඹයි

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස් ආරියසිංහ සඳුදා (7) දින මුලතිව්, කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවැති සරල උත්සවයකදී රාජකාරී අරඹනු ලැබීය. මීට ප්‍රථම, මෙම සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ රාජකාරී ඇරඹීමත් සමඟ මෙලෙස නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස් ආරියසිංහ රාජකාරී භාරගත්හ.

නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතිමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 681,682 සහ 683 බලසේනාවන් හි බලසේනාධිපතිවරුන් සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින් ද සහභාගි විය.

තවද බ්‍රිගේඩියර් ආරියසිංහ නව ධූරයේ රාජකාරී භාරගැනීමට පෙර සූරියවැව පිහිටා ඇති ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂීණ මණ්ඩපයේ ප්‍රධානීයා ලෙස සේවය කළහ. latest jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov