Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2019 16:39:54 Hours

නව නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

සිය ධූරයේ නව රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා බදාදා (09) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව හමුදා කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදා මූලස්ථාන බලඇණි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් එතුමන් සාදරයෙන් පිළිගනු ලැබීය.

එවකට විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නියමිත සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා කැටුව යනු ලැබීය. එහිදි ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව ආචාර පෙළපාලියක් නාවික හමුදාධිපතිතුමන් හට පිරිනමන ලදි.

හමුදා ලේකම් කාර්යාලයේ දී නව නාවික හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, එම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනා විධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රුසක් ද එතුමන් හට හදුන්වාදෙන ලදි.

ඉන් අනතුරුව දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී අතීත මතකයන්, පිළිබඳ සුහදත්වයෙන් සිහිපත් කළ අතර, ජාතික ආරක්ෂාව තහවුරු කිරිමේදි හමුඳාවන් අතර සමීප සබඳතා පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු කරගත්හ. අනතුරුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද පිරිනමමින් ඔහුගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැනිම සඳහා සුභ පැතූම් එක් කළේය.

මෙම හමුව අවසානයේ නික්ම යාමට ප්‍රථම නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හමුදාධිපති කාර්යාලයේ ඇති සමරු සටහන් පොතේහි ප්‍රශංසාත්මක සටහනක් ද තබනු ලැබීය.best Running shoes brand | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4