Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2019 13:12:10 Hours

පරණගමවැව විද්‍යාලයේ සිසුන් හට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ තොගයක් බෙදාදේ

62 වන සේනාංකයේ භට පිරිස් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ‘සෙනෙහසේ අපි’ සංවිධානයේ සම්බන්ධතාවයෙන් වැලිඔය, පරණගමවැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් පොත් හා පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ තොගයක් ප්‍රධානය කරනු ලැබීය.

මෙම ආධාර බෙදාදීමේ වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික පෙරේරාගේ උපදෙස් මත 621 වන බළසේනාවේ සංවිධායකත්වයෙන් යුතුව සිකුරාදා (04) දින පවත්වනු ලැබීය.

මෙහිදී පාසල් සිසු සිසුවියන් 135 දෙනෙකු සඳහා පාසැල් උපකරණ බෙදා දුන් අතර පාසලේ විද්‍යාගාරය සඳහා කබඩ්, සංගීත උපකරණ, පුස්තකාලය සඳහා පොත් හා පාසලේ පොදු භාවිතය සඳහා තවත් උපකරණ කීපයක් පරිත්‍යාග කරන ලදී.

සෙනෙහසේ අපි යන තේමාව යටතේ මෙම වැඩසටන සංවිධානය කළ 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික පෙරේරා, 62 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, 621 වන බළසේනාව, 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබළ හමුදා වේ හා 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.jordan Sneakers | nike